
සේවා කාලයේදී සේවකයෙකුට සිදුවූ බරපතල අනතුරක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පතල් සමාගමකට ඩොලර් 750,000ක දඩයක් නියම වී තිබෙනවා.
Northern Star Mining Services පතල් සමාගමට 2023 වසරේ සිදුවූ සිද්ධියක් හේතුවෙනුයි මෙම දඩය නියම වී ඇත්තේ.
Northern Star Mining Services ආයතනය ඕස්ට්‍රේලියාවේ ඉහළම රන් පතල් සමාගමක් වන Northern Star Resources හි අනුබද්ධිත සමාගමක් වනවා.

මෙම සිදුවීම බටහිර ඕස්ට්‍රේලියාවේ Porphyry පතලෙහිදී සිදු වූ අතර, යන්ත්‍රයක ඇතිවූ අභ්‍යන්තර දෝෂයක් හේතුවෙන් සේවකයාට මෙම අනතුර සිදුව ඇති බවයි තහවුරු වී ඇත්තේ.
අනතුරෙන් සේවකයාගේ කොඳු ඇට පෙළට සහ කකුල්වලට බරපතල හානි සිදු වුණා.

මේ සම්බන්ධයෙන් Perth මහේස්ත්‍රාත් අධිකරණය විසින් චෝදනා දෙකකට එරෙහිවයි එම දඩය නියමකරනු ලැබුවේ.
මේ අතර Northern Star Resources හි විධායකවරයා මෙම සිද්ධිය පිළිබදව කණස්සල්ල පළකල ඇති අතර, අනාගතයේ එවැනි සිදුවීම් වැළැක්වීමට පියවර ගන්නා බවට සහතික වී තිබෙනවා.