
ඔස්ට්‍රේලියාවේ Centrelink ලාභීන්ට පාස්කු සහ ඇන්සැක් නිවාඩු දින හේතුවෙන් ගෙවීම් ලබාගත යුතු දිනයන් සහ වේලාවන් පිළිබඳ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව පාස්කු සහ ඇන්සැක් නිවාඩු දිනයන් හි සේවා මධ්‍යස්ථාන හා ඇමතුම් මධ්‍යස්ථාන වසා දැමෙන බවයි Centrelink පවසන්නේ.
JobSeeker, Youth Allowance, Age Pension වැනි ගෙවීම්වලට යම් බලපෑමක් විය හැකි බැවින් ඔන්ලයින් මගින් හෝ Services Australia වෙබ් අඩවිය ඔස්සේ තොරතුරු දැනගැනීමේ හැකියාව පවතිනවා.

අදාල ගෙවීම් ලබාදෙන දිනයන් දැනගැනීමට online Centrelink ගිණුම පරික්ෂා කරන ලෙසයි එහි හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.
එසේ නොමැති නම් රජයේ නිවාඩු දිනවලට පසුව සහනාධාර ලබා ගත හැකි බව ඔවුන් වැඩිදුරටත් කියාසිටියා.

ඒ අනුව පාස්කු සහ ඇන්සැක් නිවාඩු හේතුවෙන් අප්‍රේල් 18,21 සහ 25 දිනවල Centrelink ආයතන වසාදැමෙනු ඇති.