
වික්ටෝරියා ප්‍රාන්ත නිවාසවල Ceiling insulation සඳහා සහනාධාර ලබා දීමට සැලසුම් කර ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත නිවේදනය කරනවා.
මෙම යෝජනා ක්‍රමය මඟින් ඩොලර් 3,000 සිට 1,500 දක්වා වට්ටම් හිමි වන අතර නිවාස සඳහා වසරකට ඩොලර් 400 ක් පමණ විදුලි බිල්පත් ඉතිරි කර ගත හැකි බවයි රජය පවසන්නේ.
ලබන වසරේ මුල සිට, වික්ටෝරියානු බලශක්ති ශ්‍රේණිගත කිරීමේ වැඩසටහන හරහා Ceiling insulation සඳහා අදාල වට්ටම් ලබා ගත හැකි බව රජය කියාසිටියා.

වික්ටෝරියා අගමැති ජසින්ටා ඇලන් පැවසුවේ මෙම පියවර මගින් නිවාසවලට දිගු කාලීනව මුදල් ඉතිරි කරගත හැකි අතර ව්‍යාපාරවල බල ශක්ති පිරිවැය අඩු කළ හැකි බවයි.
එමෙන්ම ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩක් පමණ අධික බලශක්තියක් භාවිත නොකරන බව පාරිභෝගික බලශක්ති වාර්තා පවසනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු නිවාස තුනෙන් එකකට පමණ Ceiling insulation නොමැති බව ද වික්ටෝරියා අගමැති ජසින්ටා ඇලන් අද තහවුරු කළා.