Search

ඔස්ට්‍රේලියා අගනගරයක සිට බාලි යන්න Budget direct airline එකක් ලඟදීම

ඔස්ට්‍රේලියානු අගනගරයක සිට බාලි වෙත යන සංචාරකයින්ට ලාභදායී සෘජු ගුවන් ගමනක් සඳහා දැන් අවස්ථාව හිමිවනවා.

ඒ අනුව ඉන්දුනීසියා එයාර් ඒෂියා සමාගම ලබන ජූනි 25 වනදා සිට  Adelaide සහ Denpasar අතර සෘජු පියාසර කිරීම් ආරම්භ කිරීමට නියමිතයි.

එය සතියකට 4 වතාවක් පියාසර කිරීමට නියමිත අතර දැන් සිට ඩොලර් 199 කට ගුවන් ටිකට් පත අලෙවි වන බවයි ගුවන් සමාගම පවසන්නේ.

මෙම නව මාර්ගය සෑම වසරකම දකුණු ඔස්ට්‍රේලියා සංචාරකයින් 74,000 කට අධික සංඛ්‍යාවකට ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වනු ඇති බවයි ඇඩිලේඩ් ගුවන් තොටුපළ නිළධාරීන් සඳහන් කළේ.

ආසන 180 කින් යුත් මෙම ගුවන් යානය සඳුදා, බදාදා සිකුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 11.30 ට පිටත්වීමට නියමිතයි.

එමෙන්ම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල දේශීය වේලාවෙන් උදේ 7.50 ට බාලි වෙතින් නැවත පැමිණෙන බවයි ඉන්දුනීසියා එයාර් ඒෂියා සමාගම කියාසිටියේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »