
මෙවර පාස්කු වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට වැඩි වියදමක් දැරීමට සිදුවන බව නව දත්ත වාර්තාවකින් හෙළිව තිබෙනවා.
වෙළඳපොළ සංසන්දනාත්මක නව දත්තවලට අනුව හෙළිවූයේ 2024 ට සාපේක්ෂව මෙවර නිවාඩුවේ සාමාන්‍ය කෑම වේලක් වෙනුවෙන් සියයට 10 කට වැඩි ඉහළයාමක් පවතිනු ඇති බවයි.
ඒ අනුව චොකලට්, බනිස් සහ බිත්තරවල සිට මුහුදු ආහාර, සිසිල් බීම ඇතුළු ප්‍රියතම ආහාරවර්ග 15 කට ඩොලර් 18.60 ක් වැඩිපුර වියදම් කිරීමට සිදුවන බව අනාවරණය වුණා.

එය 2024 වසරට සාපේක්ෂව සියයට 9.65 ක වැඩිවීමක්.