Search

Facebook , Messenger වලින් 16 ට අඩු දරුවන්ට අලුත් ගිණුමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනකගේ ෆේස්බුක් සහ මැසෙන්ජර් ගිණුම්වල අද සිට නව වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු පරිශීලකයින්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අද සිට ස්වයංක්‍රීයව Teen Accounts හෙවත් යොවුන් ගිණුම් වෙත මාරු වනු ඇති.

ඔස්ට්‍රේලියාවේ නව යොවුන්වියේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ සීමාවන් පැනවීම මෙම නව වෙනසේ  අරමුණයි.

Teen Accounts මගින් අන්තර්ගතයන් පාලනයට, පණිවිඩ සීමාවන් සහ නුසුදුසු අන්තර්ගතයන් සහ අනවශ්‍ය සබඳතාවලින් දරුවන් ආරක්ෂා කිරීමට හැකි වනවා.

එමෙන්ම සෞඛ්‍ය සම්පන්න සමාජ මාධ්‍ය හැසිරීම් දිරිමත් කිරීම සඳහා තිර කාල අනතුරු ඇඟවීම් ඇතුලු ආරක්ෂණයන් ද එහි ඇතුලත් වනු ඇති.

මේ අතර ඉදිරි මාස කිහිපය තුළ ඉන්ස්ටර්ග්‍රෑම් හි ද යොවුන් ගිණුම් සඳහා අමතර ආරක්ෂාවක් හඳුන්වා දෙන බව සමාජ මාධ්‍ය නිවේදනය කරනවා.

එමගින් වයස අවුරුදු 16 ට අඩු පරිශීලකයින්ට දෙමාපියන්ගේ අවසරයකින් තොරව ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සජීවීව එක්වීම තහනම් කිරීමටයි සූදානම් වන්නේ..

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »