
දැවැන්ත ප්‍රසංගයක් අතරතුර ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් තිබෙනවා.
Santo Domingo හි දේශපාලනඥයින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ප්‍රසිද්ධ පිරිසක් සහභාගි වී සිටි දැවැන්ත ප්‍රසංගයක් අතරතුරදීයි ඊයේ රාත්‍රියේ මෙම කඩාවැටීම සිදුවී ඇත්තේ.
මේ වනවිට පුද්ලයින් 160 දෙනෙකු පමණ ඉන් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් වෙනුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති බවද සඳහන්.
ඒ අනුව මරණ සංඛ්‍යාව ද තවත් ඉහළ යනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
