Search

චීනයට පැනවූ බද්දෙන් ඔස්ට්‍රේලියාවටත් දැඩි බලපෑම්

ඔස්ට්‍රේලියා කොටස් වෙළඳ පොළ අද පළමු ගණුදෙනු තුලදී දරුණු කඩාවැටීමකට ලක්ව තිබෙනවා.

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපොලට තවත් ඩොලර් බිලියන 53 ක් අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

ධවල මන්දිරය අද නිවේදනය කළේ චීනය සඳහා ආනයනික බද්ද අද පස්වරුවේ සියයට 104 ක දැවැන්ත ඉහළයාමක් සිදුවනු ඇති බවයි.

ඒ අනුව පෙරවරු 10 ට කොටස් වෙළඳපොළ ගණුදෙනු ආරම්භ කරන විට ASX 200 දර්ශකය 2% කින් පහත වැටී 7349 ක් බවට පත්ව තිබෙනවා.

චීනය ඔස්ට්‍රේලියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර ඔස්ට්‍රේලියා චීන ආර්ථිකය සමඟ සමීපව බැඳී සිටීම අද කොටස් වෙළඳපොළේ පසුබෑමට හේතුවූ බව වෙළඳපොළ විශ්ලේෂකයෙකු වැඩිදුරටත් කියාසිටියා.

තීරු බදු සම්බන්ධ සාකච්ඡා සහ සංචිත බැංකු තීරණ මත ඔස්ට්‍රේලියා වෙළඳපොල අවදානම තීරණය වනු ඇති බවයි කොටස් වෙළඳපොල විශ්ලේෂකයා තවදුරටත් ප්‍රකාශකර සිටියේ.

පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේදී ලෝක නායකයින් කථාබහක

අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේදී ඊයේ කෙටි වේලාවකට හමුව තිබෙනවා.

Read More »

දුම්පානයෙන් මිදෙන්න සූදනම් පිරිසක්

ස්පිනිෆෙක්ස් මිනිසා දශකයක් තිස්සේ පර්ත් සිට කිලෝමීටර් 1,300 ක් නැගෙනහිරින් පිහිටි ටියුන්ට්ජුන්ට්ජාරා හි දුරස්ථ ප්‍රජාවේ සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇත.

Read More »

අවසන් ගමනේදී පාප් වහන්සේ කියා දුන් – අනුකම්පාවේ පණිවිඩය

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා ඇත.

Read More »