Search

ගර්භාෂ බද්ධයකින් සාර්ථක දරු උපතක්

ගර්භාෂ බද්ධයකින් සිදුවූ සාර්ථක දරු උපතක් පිළිබඳ එක්සත් රාජධානියෙන් වාර්තා වනවා.

එවැනි ආශ්චර්යක් එක්සත් රාජධානියේ සිදුවූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

ගර්භාෂයක් නොමැතිව උපත ලැබූ 36 හැවිරිදි දරුවාගේ මවට 2023 වසරේ සිය සොහොයුරිය විසින් ගර්භාෂයක් පරිත්‍යාග කර තිබුණා.

එය එවකට එක්සත් රාජධානියේ සිදුවූ එකම සාර්ථක ගර්භාෂ බද්ධ කිරීමේ සැත්කම වනවා.

ඉන් වසර 2 කට පසු එම කාන්තාව පසුගිය පෙබරවාරි මාසයේදී ඇගේ පළමු දරුවා බිහි කෙරුණා.

ගර්භාෂය පරිත්‍යාගය කළ සොහොයුරියගේ නමින් ඇමී ලෙස එම දරුවාට නම් තැබීමටයි දෙමාපියන් කටයුතු කර ඇත්තේ.

දරුවා කිලෝ දෙකකට වැඩි බරකින් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »