
පසුගිය වසර 5 ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ නිවසක සාමාන්‍ය මිල ඩොලර් 230,000 කින් පමණ ඉහළ ගොස් ඇතැයි අද නිකුත් කළ නව පර්යේණෂන වාර්තාවකින් හෙළිව තිබෙනවා.
CoreLogic හි අප්‍රේල් නිවාස ප්‍රස්ථාරයට අනුව 2025 මාර්තු මාසය දක්වා වසර 5 තුළ නිවාස මිල 39.1% කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙය ප්‍රතිශතයක් ලෙස සුළුවුවද ඩොලරයට අනුව ඉහළ අගයක් බවයි විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.

මේ වසරේ පළමු කාර්තුව තුළ ඔස්ට්‍රේලියා නිවාස අගයන් 0.7% කින් ඉහළ ගොස් ඇති අතර කලාපවල නිවාස 1.4% කින් ඉහළ ගොස් ඇති බව CoreLogic පර්යේෂණයෙන් හෙළිවනවා.
මාර්තු මාසයේදී ජාතික වශයෙන් නිවාස 42,553 අලෙවි වී තිබෙනවා.

ඒ අනුව වසරක නිවාස අලෙවිය 528,212 ක් බවයි CoreLogic පවසන්නේ.