Search

Video Game එකක් නිසා වික්ටෝරියානුවෙකුට ලොකු සිරදඩුවමක්

වීඩියෝ ගේම් එකක් නිර්මාණය කර අලෙවි කිරීමේ චෝදානවක් මත වික්ටෝරියාවේ පුද්ගලයෙකුට සිර දඩුවමක් නියම වී තිබෙනවා.

ළමා ලිංගික අපයෝජන අනුකරණය කරන අන්තර්ජාල වීඩියෝ ගේම් එකක් 32 හැවිරිදි මෙම පුද්ගලයා විසින් නිර්මාණය කර තිබීම ඔහුට එරෙහිව චෝදනාවයි.

ඔහුට එරෙහිව වසර 12 කට ආසන්න සිරදඩුවමක් සහ පොදු රාජ්‍ය මණ්ඩලයට ඩොලර් 850,000 කට වැඩි මුදලක් ගෙවන ලෙසයි වික්ටෝරියා අධිකරණය නියෝග කර ඇත්තේ.

ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය සහ වික්ටෝරියා පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ පරීක්ෂණයකින් අනතුරුවයි මෙම චූදිතයා අත්අඩංගුවට ගෙන තිබුණේ.

2023 වසරේ Geelong හි ජීවත් වූ මෙම පුද්ගලයා ළමා සූරාකෑමේ ද්‍රව්‍ය ඇතුලත් සජීවීකරණ වීඩියෝ ගේම් එකක් අන්තර් ජාලයට මුදාහැර තිබෙනවා.

එම අපයෝජන අවස්ථා පරිශීලකයින් විසින් අනුකරණය කිරීමට ඉඩ සැලසෙන බවයි පොලීසිය අනාවරණය කර ගෙන ඇත්තේ.

ක්‍රීඩාවට ප්‍රවේශවීමට දහස් ගණනක මුදලක් ද ගෙවිය යුතු බව වික්ටෝරියා පොලීසිය පවසනවා.

මේ අතර ඔහුට අයත් මෝටර් රථ 2 ක් විකිණීමෙන් ලැබෙන ආදායම, රූපවාහිනී සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ ඇතුළු ඉහළ වටිනාකමක් සහිත ගෘහ භාණ්ඩ 48 ක් සහ ඩොලර් 30,000 කට වැඩි මුදලක් රාජසන්තක කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »