
චීනය විසින් උඩුගුවනට යවන ලද රොකට්ටුවක් ඉදිරි පැය කිහිපය තුළදී පෘථිවියට කඩා වැටීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.
ලෝන්ග් මාර්ච් 5 බී නම් මෙම රොකට්ටුව පසුගිය මාසයේදී අභ්‍යවකාශගත කෙරුණේ චීන නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු කොටස රැගෙන යාම සඳහායි.
ටොන් 18 ක් බරැති එය දශක ගණනාවකට පසු පෘථිවි කක්ෂයට ඇතුලුවී කඩා වැටීමකට ලක්වන විශාලතම අභ්‍යවකාශ වස්තු කොටස් අතුරින් එකක් වනවා.

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳහන් කලේ කිසිවෙකුටත් හානියක් නොවන අයුරින් මෙම රොකට්ටුව කඩා වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
කෙසේවෙතත් කුමන ප්‍රදේශයකට එය කඩා වැටෙන්නේදැයි මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

බොහෝ දුරට ඔස්ටේරලියාව – නවසීලන්තය හෝ දකුණු අමෙරිකාව ආසන්න පැසිෆික් සාගර කලාපයට මෙම රොකට්ටුව පතිත වනු ඇති බවටයි නිල නොවන ගණනය කිරීම් අනුව අනාවැකි පළවන්නේ.
COMMENTS