Search

මෙල්බන් Air Port එකට යන්න ඇල්බනීස්ගෙන් අලුත් දුම්රිය සේවාවක්

මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට දුම්රිය සේවාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සූදානාම් වනවා.

ඇල්බනීස් සහ වික්ටෝරියා අගමැතිනි ජසින්ටා ඇලන් අද සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සන්ෂයින් දුම්රිය ස්ථානයේ සංචාරයක නිරත වුණා.

එහිදී දුම්රිය ස්ථානය වැඩිදියුණු කිරීම වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 4 ක මුදලක් ලබාදීමටයි ඇල්බනීස් පොරොන්දු වී ඇත්තේ.

මෙහිදී මෙල්බන් ගුවන් තොටුපළට දුම්රිය සේවාව ලබාදීමට හැකිවන දිනය පිළිබඳ මාධ්‍යයවේදියෙකු ඔවුන්ගෙන් විමසා සිටියා.

එය හැකි ඉක්මනින් සිදුවන බවයි ඇන්තනී ඇල්බනීස් එහිදී පවසා ඇත්තේ.

මැතිවරණය ජයග්‍රහණය කළහොත් ලේබර් පක්ෂය වෙනුවෙන් මෙම නව දුම්රිය ස්ථානය සම්බන්ධ වගකීම භාරගන්නේ දැයි ඇලන්ගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය කියාසිටියේ තමන් කිසිවෙකුට දැන් පිළිතුරු ලබානොදෙන බවයි.