
ඔස්ට්‍රේලියාවේ ඇතැම් රියදුරන් රක්ෂණ පිරිවැය අඩු කිරීම වෙනුවෙන් ව්‍යාජ තොරතුරු සපයන බවට වාර්තාවකින් හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රක්ෂණ කවුන්සිලයේ නවතම දත්ත පෙන්වාදෙන්නේ සාමාන්‍ය රක්ෂණ වාරිකය සියයට 42 කින් සහ අලුත්වැඩියා ගාස්තු සියයට 26 කින් ඉහළ ගොස් ඇති බවයි.
iSelect විසින් සිදු කරන ලද නව සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ රියදුරන් 2000 කගෙන් එක් අයෙකු තම රක්ෂණ ඔප්පුවේ පිරිවැය අඩු කිරීම සඳහා රක්ෂණකරුට බොරු කියන බවයි.

රක්ෂණය සඳහා වැඩියෙන් බොරු කියූ රියදුරන් වාර්තාවන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එය සියයට 7.9 ක්.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් සියයට 7.3 ක් ද ක්විස්ලන්ඩ් වැසියන් 6.3% ලෙස ද වාර්තා වී තිබීම විශේෂත්වයක්.

රක්ෂණ වාරික අඩු කිරීම සඳහා රියදුරන් බොහෝවිට මෝටර් රථය නවත්වන ස්ථානය හා වාර්ෂික මයිලේජ් ප්‍රමාණය සඳහා වැරදි තොරතුරු භාවිත කරයි.
එමගින් අනාගතයේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බවයි iSelect හි රක්ෂණ සාමාන්‍යාධිකාරීවරයා අනතුරු අඟවන්නේ.