
වික්ටෝරියා බිලියනපතියෙකු ඩොලර් ලක්ෂයකට අධික තෑගි කාඩ්පත් බෙදාදීමේ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
ඒ Adrian Portelli ලෙස හැඳින්වෙන මෝටර් රථ එකතු කරන්නෙකු සහ දේපළ ආයෝජකයෙකු විසිනුයි.
ඔහු ඊයේ ගෝල්ඩ් කෝස්ට් සහ බ්‍රිස්බන් හි වාසනාවන්ත සාප්පු සවාරිකරුවන්ට කෝල්ස් තෑගි කාඩ්පත්වලින් ඩොලර් 140,000 ක් ලබාදී තිබෙනවා.

පෝර්ටෙල් විසින් පෙරේදා ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පරිත්‍යාග කිරීම් නිවේදනයක කර තිබුණා.
එහි පළමු ත්‍යාගය ලෙස ඩොලර් 70,000 ක මුදලක් කෝල්ස් ගණුදෙණුකරුවෙකුට පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ගෝල්ඩ් කෝස්ට් සහ බ්‍රිස්බන් හි කෝල්ස් වෙළඳසැල් වෙත ජනතාව ඒකරාශි වී තිබෙනවා.
සෙනඟ පාලනයට ආරක්ෂක අංශ ද යෙදවීමට සිදුවූ බවයි ෆෙඩරල් පොලීසිය පවසන්නේ.