
ඇඩිලේඩ් ගුවන් තොටුපළේදී පුද්ගලයෙකු හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ගුවන් තොටුපළේදී ආහාර ගනිමින් සිටින අතරතුර හුස්ම හිරවීමෙන් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
50 හැවිරිදි මෙම පුද්ගලයා හදිසියේ ඇද වැටුනු බවද මාධ්‍ය වාර්තාවල සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකටයුතු කිසිවක් නොමැති බවයි ෆෙඩරල් පොලීසිය පවසන්නේ.
හදිසි මරණ පරීක්ෂණයට මේ වනවිටත් ක්‍රියාත්මකයි.
