Search

$ 5 නෝට්ටුවට නව යෝජිත නිර්මාණයක්

නව ඩොලර් 5 නෝට්ටුව නිර්මාණය සඳහා ඔස්ට්‍රේලියා රාජ්‍ය පාක්ෂික කණ්ඩායමක් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් යෝජනා කර ඇත්තේ දකුණු පසින් III වන චාල්ස් රජුගේ පින්තූරයක්, වම් පසින් උලුරු කන්දේ රූපයක් මෙන්ම ස්වදේශික කලා කෘති ද නෝට්ටුවට ඇතුලත් කිරීමටයි.

ඔස්ට්‍රේලියා සංචිත බැංකුව පසුගියදා තීරණය කර සිටියේ නෝට්ටු සඳහා තවදුරටත් බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ පින්තූර නොදමන බවයි.

“Connection the Country”. තේමාව යටතේ ඉදිරියේදී නව නෝට්ටු නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද සංචිත බැංකුව කියාසිටියා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ප්‍රජාව සැමරුම් නෝට්ටු වලට ඇතුලත් කරන බවයි සංචිත බැංකුව පසුගියදා ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් නව නෝට්ටුවේ අවසාන සැලසුම තවමත් නිළ වශයෙන් තෝරාපත් කර නැහැ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »