පළමු වරට නිවසක් මිළදී ගන්නා අයට superannuation අරමුදලින් ගත හැකි මුදල $30,000 සිට $50,000 දක්වා ඉහළට

home house

තම සහකරු හෝ සහකාරිය නොමැතිව දරුවා සමග පමණක් ජීවත්වන පුද්ගලයන්ට (Single parents) නව නිවසක් මිළදී ගැනීම සඳහා ඉදිරි අයවැයෙන් සුවිශේෂී වරප්‍රසාදයක් අත්කරදීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වෙයි.

ඒ අනුව ඩොලර් 125,000 කට අඩු වටිනාකම සහිත නිවසක මුලු වටිනාකමින් සියයට 02 ක් පමණක් ගෙවා නිවසක් මිළදී ගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත.

දැනට රට තුළ 125,000 ක පමණ පිරිසක් Single parents ලෙස සිටින අතර එයින්ද සියයට 80 ක් පමණ කාන්තාවන් බව සඳහන්.

කෙසේවෙතත් පළමු අධියරේදි මෙම වරප්‍රසාදය අත්වන්නේ 10,000 කට පමණි.

මේ අතර පළමු වරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් වෙනුවෙන් superannuation අරමුදලින් ලබාගත හැකි මුදල ඩොලර් 30,000 සිට 50,000 දක්වා ඉහළ නැංවීමේ යෝජනාවක්ද මෙවර අයවැයට අන්තර්ගත වනු ඇති.

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »