
මෙල්බන් හි වලවල් වලින් පිරී ඇති මාර්ගයක අලුත් වැඩියා කටයුතු නවතා දමන්නැයි ප්‍රදේශවාසීන් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
මෙල්බන් හි ඊසානදිග ප්‍රදේශයේ මාර්ගයක වැසියන් 700 දෙනෙකු පමණ පෙත්සමට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් පවසන්නේ මාර්ගය පිළිසකර කළහොත් රියදුරන් නොසැලකිලිමත් ලෙස වේගයෙන් රිය ධාවනය කරනු ඇති බවයි.

එමෙන්ම මෙම මාර්ගයේ දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ඇවිදීම සාමාන්‍යයෙන් සිදුකරන අතර පාර අලුත් වැඩියා කිරීම ඔවුන්ට බාධාවක් වන බව පෙත්සම්කරුවන් පෙන්වාදෙනවා.
පසුගිය සතියේ පැවති කවුන්සිල රැස්වීමකදී එම මාර්ගයේ වැසියන් පිරිසක් පවසා ඇත්තේ සුළු අලුත්වැඩියා කිරීම් පමණක් සිදුකරන ලෙසයි.

එම ප්‍රදේශය වාර්ෂික නත්තල් විදුලි පහන් ප්‍රදර්ශනය සඳහා ඉතා ජනප්‍රිය මාර්ගයක් වන බවයි මෙල්බන් වාර්තා සඳහන්කළේ.