Search

ඩට්න්ගේ 25% විදෙස් සිසු කප්පාදුවට අධ්‍යාපන ක්ෂේත්‍රවලින් විවේචන

ජාත්‍යන්තර ශිෂ්‍ය බඳවා ගැනීම් සියයට 25 කට සීමා කරන බවට සන්ධානය කළ යෝජනාව ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවේචනයට ලක්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා බඳවාගන්නා විදෙස් සිසුන්ගේ ප්‍රතිශතය සියයට 25 ක උපරිමයකට යටත් කරන්නැයි ලිබරල් සන්ධානය ඊයේ යෝජනා කරනු ලැබුවා.

ජාත්‍යන්තර සිසුන් කප්පාදුව පිළිබඳ කිසිදු උපදේශනයක් මෙතෙක් සිය සංගමයට ලැබී නොමැති බවයි ඔස්ට්‍රේලියා ජාත්‍යන්තර අධ්‍යාපන සංගමයේ ප්‍රධාන විධායක Phil Honeywood කියාසිටියේ.

ඔස්ට්‍රේලියා රජයේ උසස් ආයතන කිසිවක් මේ පිළිබඳ කිසිදු උපදේශනයක් නොදී සිදුකළ ප්‍රකාශය හදිසි‍යේ සිදුකළ එකක් බවයි ඔහු මාධ්‍ය අමතමින් සඳහන් කර ඇත්තේ.

විදෙස් සිසුන් කප්පාදු කිරීමේ මෙම තීරණය ඔස්ට්‍රේලියා බහුසංස්කෘතියට මෙන්ම අධ්‍යාපනයට මූලිකත්වයක් දෙන රටක් ලෙස ඇති පිළිගැනීමට වැරදි අර්ථකතනයක් ගෙන එන බවයි ඔහු කියාසිටියේ.

ජාත්‍යන්තර සිසුන් අඩු කිරීමෙන් තරුණ ඔස්ට්‍රේලියානුවන් සඳහා නිවාස මිලට ගැනීමේ අවස්ථාව හිමිවන බවට විපක්ෂ නායක පීටර් ඩටන්ගේ ප්‍රකාශය ද උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර නායකයින්ගේ දැඩි මතභේදයකට ලක්ව තිබෙනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »