Search

නිව් සවුත්වේල්ස් ප්‍රදේශයකට ප්‍රබල භූ කම්පනයක්

නිව් සවුත්වේල්ස් හි Hunter ප්‍රදේශයේ අද ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එය රිච්ටර් මාපක 3.4 ක අගයක් බවයි ඔස්ට්‍රේලියා භූ විද්‍යා කාර්යංශය පවසන්නේ.

අද අලුයම භූ කම්පනය සිදුව ඇති අතර එය කිලෝමීටර් 4 කට පමණ දැනී ඇති බවයි වාර්තා වන්නේ.

Bulga and Thorley Warkworth කන්ද වටා භූ කම්පනය කේන්ද්‍ර වී ඇති බව ඔස්ට්‍රේලියා භූ විද්‍යා කාර්යංශය කියාසිටියා.

Singleton නගරයේ පදිංචිකරුවන් කම්පනයෙන් අවදි වී ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

පසුගිය වසරේ අග භාගයේදී භූ කම්පනයකින් Muswellbrook නිවාස 2500 කට පමණ විදුලිය අහිමි වුණා.

ඉන් පසුව එම ප්‍රදේශයට බලපෑ විශාලතම භූමි කම්පාව මෙය වනවා.

භූමි කම්පාවෙන් සිදුවූ බලපෑම් පිළිබඳ මෙතෙක් නිසි තොරතුරු ලැබී නැහැ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »