
ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරික ජිම් චාර්මස් අද ජනතාවට යම් බලාපොරොත්තුවක් ලබාදී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව මෙම වසරේ මුදල් අනුපාතිකය හතර ගුණයක් දක්වා අඩු කරනු ඇති බවයි ජිම් චාමර්ස් අනාවැකි පළකර ඇත්තේ.
ඒ අනුව ලබන මාසයේ පොයින්ට් 50 ක කප්පාදුවක් සිදුකරනු ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ ඔස්ට්‍රේලියා ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්වුණා.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙ දළ දේශීය නිෂ්පාදිතයට දැඩි පහරක් එල්ල වන අතර ඇතැම් භාණ්ඩවල මිල ගණන් ඉහළ යනු ඇති බවයි චාමර්ස් අනතුරු අඟවා ඇත්තේ.

ඊයේ නිකුත් කළ භාණ්ඩාගාර දත්ත වාර්තාවේ දැක්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ උද්ධමනය මේ වසරේ සියයට 0.2 කින් ඉහළ යනු ඇති බවයි.