Search

බිරිඳ නින්දෙන් ඇවිත් සැමියාව මරලා – වික්ටෝරියා අධිකරණයකින් ඔප්පු වෙයි

වික්ටෝරියාවේ මිනීමැරුම් චෝදනාවක් ඔප්පු කිරීමට නොහැකිවීමෙන් රජයේ නඩු පැවරීමේ කාර්යාලය දැඩි අපහසුතාවයට ලක්ව තිබෙනවා.

ඒ 2023 වසරේ කඳවුරු සංචාරයකදී නින්දෙන් ඇවිදින කාන්තාවක් විසින් සිය ස්වාමියා පිහියෙන් ඇන ඝාතනය කිරීමක් සම්බන්ධයෙන්.

47 හැවිරිදි මෙම කාන්තාවගේ නින්දේ ආබාධය හේතුවෙන් මිනී මැරුම් චෝදනාව වික්ටෝරියා අධිකරණය විසින් ඉවත් කර ගනු ලැබුවා.

කෙසේවෙතත් මිනී මැරුමට ලක්වූ 50 හැවිරිදි පුද්ගලයාගේ පවුලේ ඥාතීන් අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් පවසන්නේ මෙම යුවළ විවාහ වී වසර 26 ක් වන නමුත් මෙම කාන්තාවගේ නින්දේ ආබාධයක් පිළිබඳ කිසිවිටෙකත් සඳහන් කර නොතිබූ බවයි.

එමෙන්ම මෙම කාන්තාවට නිදහසේ සංචරණය කිරීම සීමා කරන ලෙසද මීනී මැරුමට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් වික්ටෝරියා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.