Search

ශ්‍රී ලංකා සංචිතය ඩොලර් බිලියන 6 කට වැඩිවෙයි

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රගතියක් පෙන්නුම් කරන මහ බැංකු වාර්තාවෙන් පැහැදිලි වනවා.

ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසාන කාර්තුවේදී ඉහළ ගොස් ඇතැයි මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවේ දැක්වෙනවා.

එය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ සටහන් වන්නේ.

මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.08 හා සැසඳීමේ දි 7.1%ක වර්ධනයක් වනවා.

මේ අතර මෙම වසරේ පළමු කාර්තුවේදී දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් ඩොලර් මිලියන 401.9ක මුදල් ප්‍රමාණයක් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බවද එම වාර්තවේ සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව එහි 2024 වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක වෙත ඊයේ පිළිගැන්වුවා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »