
ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ මෝටර් රථ රක්ෂණ වාරිකය සති කිහිපයකින් ගෙවා අවසන් කරන්නේ නම් වාසි සහගත වන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ රක්ෂණ ආයතන රක්ෂණ වාරික ඉක්මනින් ගෙවීමට දිරිමත් කිරීමක් ලෙස වට්ටමක් පිරිනමන බවයි.
අවසාන මොහොතේ වාරිකය ගෙවීමේදී රක්ෂණ වාරිකය වැඩි වන බවද සමීක්ෂණයෙන් හෙළිවුණා.

අනතුරකට ලක්වූ වාහන සඳහා රක්ෂණ වාරික ගෙවා නොමැති විට රක්ෂණ ආයතනය මෙන්ම හිමිකරුවන්ටද එය අවදානම් තත්වයක් බවයි පාරිභෝගික සමීක්ෂකයින් පෙන්වාදෙන්නේ.
එමෙන්ම ලාභදායී රක්ෂණ සමාගමක් තෝරාගැනීමට උනන්දුවන ලෙස පාරිභෝගිකයින්ගෙන් රක්ෂණ සමාගම් ඉල්ලා සිටිනවා.

මේ අතර උද්ධමනය හමුවේ වාහන අමතර කොටස් සහ උපාංග සඳහා වන පිරිවැය ද සියයට 25 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන වාර්තාවේ දැක්වෙන්නේ.