Search

ඩට්න් බලයට ආවොත් Student Visa වැඩිවෙන හැටි

ඉදිරි මැතිවරණයෙන් තේරීපත් වුවහොත් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් ගාස්තුව ඉහළ නංවන බව ඔස්ට්‍රේලියා විපක්ෂ නායක පීටර් ඩටන් පවසනවා.

ඒ අනුව විශ්ව විද්‍යල අටක කණ්ඩායම් සඳහා ශිෂ්‍ය වීසා අයදුම්පත් ගාස්තුව ඩොලර් 5,000 ක් සහ ජාත්‍යන්තර සිසුන් සඳහා ඩොලර් 2,500 ක් දක්වා ඉහළ නංවන බවයි ඩටන් ඊයේ මෙල්බන් හි පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ.

එමෙන්ම අධ්‍යාපන සැපයුම්කරුවන් වෙනස් කිරීමට අවශ්‍ය නම් ශිෂ්‍යයින්ට තවත් ඩොලර් 2,500 ක් අය කරන බවද ඔහු සඳහන්කළා.

මේ අතර අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ ජීවත්වීමට, වැඩිදුර අධ්‍යාපනයට සහ රැකියා කිරීමට ඉඩ සලසන වීසා බලපත්‍රයක් ද ලබාදෙන බව විපක්ෂ සන්ධානය සැලසුම් කර තිබෙනවා.

මෙමගින් වීසා බලපත්‍රය ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළඳපොළට ප්‍රවේශවීමට මෙන්ම ස්ථිර සංක්‍රමණයක් සඳහා මාර්ගයක් ලෙස භාවිත කළ හැකි බවද සන්ධානයේ යෝජනාවල සඳහන්.

මේ අතර සෑම වසරකම ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශීය සිසුන් සංඛ්‍යාව 80,000 කින් පමණ අඩු කිරීමටයි ඩටන්ගේ සැලසුම වී ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් වැඩි ඉඩක් ලබාදීම මෙම තීරණයන්හි අරමුණ බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙල්බන් මාධ්‍ය සාකච්ඡාවේදී කියාසිටියා.

මේ අතර පසුගිය වසරේ ලේබර් පක්ෂය නිවේදනයේ කළේ 2025 වසරේ සිට ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව 270,000 දක්වා සීමා කරන බවයි.