Search

ඔස්ට්‍රේලියා ළමා හිංසනයන් ගැන රහසිගත වාර්තාවක් එළිවෙයි

නිව් සවුත්වේල්ස් රජය ළමා රැකවරණය සම්බන්ධයෙන් මහජනයාගෙන් සැඟවීමට උත්සහ කළ පිටු 2000කින් සමන්විත වාර්තාවක් අද නිකුත් වී තිබෙනවා.

දරුවන් බලහත්කාරයෙන් ඇදගෙන යාම, බලහත්කාරයෙන් හදාවඩා ගැනීම, ළමා වැඩකාර සේවය මෙන්ම ලිංගික හිංසනයක් පිළිබඳ සිද්ධීන් දහස් ගණනක් එම වාර්තාවේ දැක්වෙනු ඇති බවයි සටහන් වන්නේ.

ඇතැම් සිදුවීම් හේතුවෙන් දරුවන්ගේ අස්ථි බිඳීම්, පිළිස්සුම්, හිසට පහරදීම් මෙන්ම රක්තපාත ඇතුළු බරපතල තත්වයන්  සටහන් වී ඇති තිබෙනවා.

මෙම සියලු සිදුවීම් 2020 / 2024 වසරවල නිව් සවුත්වේල්ස් හි වාර්තාවූවන් වනවා.

නිව් සවුත්වේල්ස් හරිත පාර්ලිමේන්තු මන්ත්‍රී Abigail Boyd ගෙන එන ලද ප්‍රබල නියෝගයකට අනුව ඊයේ එම රහසිගත වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එහි ළමා ආරක්ෂක ආයතනවල සිදුවන මූල්‍ය වංචා ඇතුළු භයානක පිළිවෙත් රැසක් අන්තර්ගත වනවා.

මේ සම්බන්ධයෙන් නිව් සවුත්වේල්ස් හි පාර්ලිමේන්තු පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර රාජකීය කොමිසමක් මෙන්ම මුල් ළමාවිය කොමිෂන් සභාවක් ද පිහිටුවන ලෙසයි බලධාරින් අදාල අංශවලින් ඉල්ලා ඇත්තේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »