Search

ඩොලරයේ පසුබෑම ඔස්ට්‍රේලියා සංචාරකයින්ටත් බලපායි

ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ ඔස්ට්‍රේලියා පාරිභෝගිකයින් මෙන්ම සංචාරකයින්ද දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටිනවා.

ඊයේ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය තියුණු ලෙස පහළ වැටුණා.

2020 කොවිඩ් 19 වලින් පසු ඔස්ට්‍රේලියානු ඩොලරයක අවම අගය සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 59.64 ක් ලෙසයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ විදේශීය භාණ්ඩ මිලට ගන්නා ගණුදෙණුකරුවන් සඳහා මේ වනවිට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවයි ආර්ථික විශ්ලේෂකයෙකු පෙන්වාදෙන්නේ.

ඔස්ට්‍රේලියානුවන් වැඩිවශයෙන් සංචාරය කරන නවසීලන්තය, ඉන්දුනීසියාව සහ ඉන්දියාව ඇතුලු රටවල් සඳහා ද විදෙස් ගමන් ඉහළ යනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

මේ අතර එක්සත් ජනපදයේ ඩොලරයට සාපේක්ෂව යුරෝ සහ ජපන් යෙන් ඉහළ ගිය නමුත් ඉන්දියාව සහ දකුණු කොරියාව මුදල් ඒකක පහත වැටී ඇති බවයි ගෝලීය වාර්තාවල දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »