Search

පාසල් නිවාඩු කාලය ප්‍රාන්තවල සමාන නොවන්නේ ඇයි?

ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තයන් හි පාසල් නිවාඩු කාලය සමාන නොවීම පිළිබඳ ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තු විවිධ අදහස් දක්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ක්වින්ස්ලන්ඩ් හි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හිටපු ආචාරයවරියක වන මහාචාර්ය රෙබෙකා ඉන්ග්ලිෂ් විසින් අධ්‍යයනයක් සිදුකනු ලැබුවා.

එහිදී අනාවරණය වූයේ ප්‍රාන්තයන් හි අධ්‍යාපන දෙපාර්තමේන්තු සියල්ලක්ම වසර 3 කට හෝ 5 කට පමණ පෙර නිවාඩු දිනයන් තීරණය කරන බවයි.

පාසල් නිවාඩු සම්බන්ධයෙන් කතෝලික අධ්‍යාපන, ස්වාධීන පාසල් ඇතුළු අධිකරණය බල ප්‍රදේශයේ ඇති වෙනත් ආයතන සමග සාකච්ඡා කරන බවද එම දෙපාර්තමේන්තු පවසා තිබෙනවා.

පාසල් ඉගෙනුම් වාරයක කාලසීමාව මෙන්ම සෑම වසරකම පැවැත්වෙන විභාග කාලයන් සම්බන්ධයෙන් නිවාඩු ලබාදීමේදී සලකා බලනු ඇති .

ගුරුවරුන් වැඩ කරන දින ගණන ද කාර්මික ගිවිසුම්වලට අනුව එක් එක් ප්‍රාන්තයන් අතර වෙනස් වනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන් හි රජයේ පාසල් සඳහා වසරකට නිවාඩු දින 200 ක් පමණ ලැබෙනු ඇති.

මේ අතර පෞද්ගලික පාසල් සඳහා ලබාදෙන නිවාඩු ප්‍රාන්තයන් ඇතුළද වෙනස් වන බවයි ක්වින්ස්ලන්ඩ් මහාචාර්ය රෙබෙකා ඉන්ග්ලිෂ් සඳහන් කර ඇත්තේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »