Search

Anzac පාලමේ විරුද්ධ දිශාවට බයිසිකලය පැදවූවාට ලොකු දඩයක්

සිඩ්නි හි ඇන්සාක් පාලමේ වැරදි දිශාවට බයිසිකලය පැදවූ පුද්ගලයෙකුට ඩොලර් දස දහසකට අධික දඩයක් නියම වී තිබෙනවා.

ඩෑෂ් කැමරාවල දැක්වෙන්නේ 35 හැවිරිදි මෙම පුද්ගලයා බයිසිකලය මෝටර් රථ දෙසට ගමන් කරන විට රියදුරන් කලබලයට පත්වන ආකාරය යි.

මෙය භයානක මෙන්ම වගකීම් විරහිත ක්‍රියාවක් බවයි නිව් සවුත්වේල්ස් පොලීසිය පවසන්නේ.

ඔහු සිය ජීවිතය මෙන්ම අන් රියදුරන්ගේ ජීවිත ද අනතුරට ලක්කරන බව NSW පොලීසිය කියාසිටියා.

රථ වාහන තදබදයක් ඇති කිරීම, හිස් වැස්මක් නොපැළඳීම සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම ඔහුට එරෙහි චෝදනා වනවා.

මේ වසරේ මේ වනවිට පාපැදි අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 5 ක් වන අතර පසුගිය වසරේ 1800 කට වැඩි පාපැදි කරුවන් පිරිසක් අනතුරුවලින් තුවාල ලබා ඇති බවයි වාර්තා වල දැක්වෙන්නේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »