
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන දැවැන්තම අලුත් අවුරුදු උත්සවය “2025 මෙල්බන් සූර්ය උදානය“ පැවැත්වීමට නියමිතව ඇත්තේ තවත් දින 6 ක් පමණයි.
අප්‍රේල් මස 13 වන ඉරිදා පෙරවරු 8 සිට දවස පුරා Craigieburn හි ANZAC Park හිදී මෙල්බන් සූර්ය උදානය පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ උතුරු වික්ටෝරියානු ශ්‍රී ලාංකික සුබසාධක හා සංස්කෘතික සංගමය විසිනුයි 20 වන වරටත් 2025 මෙල්බන් සූර්ය උදානය සංවිධානය කර ඇත්තේ.

ඒ සඳහා මෙවරත් සාඩම්බරයෙන් මාධ්‍ය අනුග්‍රහය සපයන්නේ ඔස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV, Ausලංකා Radio ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලයයි.
ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන “Mystery“ සමග ජනප්‍රිය තරුණ ගායක ගයාන් ගුණවර්ධන ද එදිනට ගීතවත් වනවා.

ශ්‍රී ලාංකිකයන් ඇතුලු දස දහසකට අධික ජනකායක් මෙවර අවුරුදු උළෙලට සහභාගී වනු ඇති බවටයි සංවිධායකයන් විශ්වාස කරන්නේ.
අලුත් අවුරුදු කෑම මේසය, අලුත් අවුරුදු චාරිත්‍ර මෙන්ම සෑම වයස් කාණ්ඩයකටම සහභාගී විය හැකි තරග ඉසව් ගණනාවකින් සහ ජනක්‍රීඩා රැසකින් මෙවරත් මෙල්බන් සූර්ය උදානය හැඩගැන්වීමට නියමිතයි.
එදින සවස 3.00 ට Ausලංකා අවුරුදු කුමරිය අභිෂේක ගැන්වීමේ විශේෂ වැඩසටහන ද පැවැත්වෙනවා.
වෙනස්ම අත්දැකීම් රැසක් සමඟින් පැවැත්වෙන එම විශේෂ අවස්ථාව සඳහා ද ඔබ සැමට සහභාගී වීමට අවස්ථාව හිමි වීමද විශේෂත්වයක්.
සියලුම තරඟ සඳහා වටිනා ත්‍යාග මෙන්ම අවුරුදු 5 ට අඩු දරුවන් සෑම දෙනෙකුට තෑගි ලබාදීමටයි මෙවරත් සංවිධායක මණ්ඩලය සැලසුම්කර ඇත්තේ.
නවතම අංගයක් වශයෙන් විවිධ රසවත් ආහාරපාන වලින් සමන්විත Street Food Carnival සහ වෙළද කුටි විශාල ප්‍රමාණයක් මෙවර මෙල්බන් සූර්ය උදානය අවුරුදු උළෙල සදහා ඇතුළත් වනවා.
මෙවර අවුරුදු උළෙළේ විශේෂ දිනුම් ඇදීමක් වෙනුවෙන් ටිකට් පතක් ද හඳුන්වා දී තිබෙනවා.
එහි මූලික ත්‍යාග වශයෙන් ශ්‍රී ලංකාවට යාමට ඒමට ගුවන් ටිකට් පත් කිහිපයක් ද ලබාදීම සුවිශේෂී වනවා.
අදාළ ටිකට් පත් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0431 752 552 අංකයෙන් උදිත හෝ 0425 800 028 අංකයෙන් රංග ඇමතීමෙන් ඔබට ලබගැනීමට හැකියාව පවතිනවා.
මෙල්බන් “ සූර්ය උදානය 2025 අවුරුදු උළෙල පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 0425 815 152 අංකයෙන් ඉඹුලාන සහ 0413 585 436 අංකයෙන් උපුල් සම්බන්ධ කර ගන්නා ලෙසයි සංවිධායක මණ්ඩලය දැනුම් දී ඇත්තේ.
මෙල්බන් “ සූර්ය උදානය 2025 අවුරුදු උළෙල නැරඹීමට පැමිණෙන ලෙසට මෙල්බන් අවට සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට සංවිධායක මණ්ඩලය ආරාධනා කරනවා.