
ගෝලීය මූල්‍ය අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියා විශ්‍රාම වැටුප් අරමුදල තවදුරටත් කඩා වැටීමකට ලක්ව තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ ඔස්ට්‍රේලියා කොටස් වෙළඳ පොළට ඩොලර් බිලියන 100 ක අලාභයක් සිදුවුණා.
කෙසේවෙතත් විශ්‍රාම අරමුදල ඉහළ පහළයාම අසාමාන්‍ය දෙයක් නොවන නමුත් ට්‍රම්ගේ තීරු බදුවලින් ඔස්ට්‍රේලියා සියලු අංශවල පසුබෑමක් සිදුවූ බවයි ආර්ථික විශ්ලේෂකයෙකු පවසන්නේ.

විශ්‍රාම ගිණුමට පිවිස ශේෂය පරික්ෂා කරන ලෙසද ඔහු ගණුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම කොවිඩ් 19 වසංගතය, මෑතකදී සිදුවූ සයිබර් ප්‍රහාර හමුවේ ඔස්ට්‍රේලියා විශ්‍රාම අරමුදල දැඩි අවදානමකට ලක්වූ බවද ආර්ථික විශ්ලේෂකයා වැඩිදුරටත් කියාසිටියා.

මේ අතර ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශකළේ ට්‍රම්ප්ගේ තීරු බදුවලින් විශ්‍රාමික අරමුදලට සිදුවූ බලපෑම පිළිබඳ තමන් දැඩි කණස්සල්ලට පත්වන බවයි.