
දරුණු රෝගාබාධයකට ලක්ව සිටින ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
ඔහු සිය රෝගී තත්වය සුවපත් කරගැනීම සඳහා උපකාර පතන අතර ඒ වෙනුවෙන් GoFundMe අරමුදලක්ද පිහිටුවා අවසන්.
42 හැවිරිදි ඔහු වෘත්තියෙන් සූපවේදියෙකු වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේයි වාසය කරන්නේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඔහු ප්‍රධාන හදවත් සැත්කම් දෙකකට ලක්කර තිබෙනවා.
එතැන් සිට මේ දක්වා මෙම ලාංකිකයා Geelong නගරයේ රෝහලකයි ප්‍රතිකාර ලබමින් පසු වන්නේ.

සිය බිරිද සහ 06 හැවිරිදි දරුවාද සමඟ වාසය කරන ඔහු Subclass 482 වීසා කාණ්ඩය යටතේ ස්ථිර පදිංචියකින් තොරව ඔස්ට්‍රේලියාවේ වාසය කරමින් සිටිනවා.
කෙසේවෙතත් පවතින රෝගී තත්වය හේතුවෙන් ඔහුට කිසිදු කාර්යයක් සිදුකරගත නොහැකි තත්වයකයි පසු වන්නේ.
වෛද්‍ය නිර්දේශ මත පදනම්ව ඔහුට සේවය කළ හැක්කේ පැය 02 ක කාලසීමාවක් සඳහා පමණයි.
එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා අති විශාල මුදලක් දැරීමටද මෙම තැනැත්තාට සිදුවී තිබෙනවා.
ඒ සඳහා ඔබටත් දායක විය හැකි අතර පහත Link එකට පිවිසීමෙන් ඊට දායකත්වය සැපයිය හැකියි.