Search

මහා බාධක කොරල් පරය අසල දූපතකට වෙන්න යන දේ

මහා බාධක කොරල් පරය ආශ්‍රිතව පිහිටා ඇති කුඩා දූපතක් සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව කෙයාන්ස් නගරයට උතුරින් පිහිටා ඇති Double Island නම් දූපත ඩොලර් මිලියන ගණනක ආයෝජනයක් සිදුකර සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ හරහා සංචාරක ආකර්ෂණය ඉහළ නංවා ගැනීමටද ක්වීන්ස්ලන්ඩ් රජය අපේක්ෂා කරනවා.

2032 වසරේදී පැවැත්වීමට නියමිත බ්‍රිස්බන් ඔලිම්පික් සහ පැරලිම්පික් ක්‍රීඩා උත්සව හේතුවෙන් ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

එම අවස්ථාවද ප්‍රයෝජනයට ගෙන Double Island දූපත සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමටයි ක්වීන්ස්ලන්ඩ් රජය සැලසුම් කරමින් සිටින්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »