
2025 ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානුවන්ට ලියාපදිංචි වීමට ඇති කාලය අදින් (07) අවසන් වනවා.
වයස අවුරුදු 18 සම්පූර්ණ කර ඇති සුදුසුකම් සපුරාලන ඔස්ට්‍රේලියානුවන් අද (07) රාත්‍රී 8.00 ට පෙර මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුයි.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව මිලියන 18 ක්.

ෆෙඩරල් මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසුගිය මාර්තු 28 වනදායින් පසු මේ දක්වා නව ලියාපදිංචි වීම් ලක්ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණ කොමිසම විසින් වාර්තා කර තිබෙනවා.
එය දිනකට නව ලියාපදිංචි වීම් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට අනුව මෙවර ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව වාර්තාගත අගයක් වනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.
ඔස්ට්‍රේලියානු මැතිවරණ නීතියට අනුව ඡන්ද ප්‍රකාශයට ලියාපදිංචි වී ඡන්දය භාවිත නොකරන පුද්ගලයන්ට දඩයකට යටත් වීමට සිදු වනවා.