
Covid වසංගතයෙන් පසු පළමු වරට ඔස්ට්‍රේලියානු ඩොලරයේ වටිනාකම අමෙරිකානු ඩොලර් සත 60 ට වඩා පහළ ගොස් තිබෙනවා.
Bloomberg දත්තවලට අනුව අද (07) පෙරවරු 8.00 ට ඔස්ට්‍රේලියානු ඩොලරයක වටිනාකම සටහන් වූයේ අමෙරිකානු ඩොලර් සත 59.91 ක් ලෙසයි.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් රැසකට බලපාන පරිදි පනවන ලද ආර්ථික සම්බාධක ඊට මූලික වශයෙන් හේතුවී තිබෙනවා.

මේ අතර අද (07) ගනුදෙනු ආරම්භයේ සිටම ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළ දැවැන්ත කඩාවැටීමක් සටහන් කර තිබෙනවා.
ඒ අනුව විනාඩි කිහිපයක් තුළදී ඩොලර් බිලියන 160 කට ආසන්න ආයෝජන ඉවත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සිකුරාදා දිනයේදී ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළ ඩොලර් බිලියන 57 කට ආසන්න පසුබෑමක් වාර්තා කළා.
එය මාස අටකට පසු සටහන් කළ අවම අගයයි.
අමෙරිකා ජනාධිපතිවරයා විසින් ඔස්ට්‍රේලියාවේ පතල් ඇතුලු කර්මාන්ත රැසකට බලපාන පරිදි නිකුත් කරන ලද බදු පැනවීම් මීට හේතුවී තිබෙනවා.