Search

විද්‍යුත් වාහනයක් නිසා Gold Coast නිවසක ගින්නක්

Gold Coast හි නිවසක ඊයේ (06) රාත්‍රියේ හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා.

මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන්ට පැයකට ආසන්න කාලයක් ගතවූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම ගින්නේ නිවැසියන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.

ගින්න නිවා දැමීමට පැමිණි එක් පුද්ගලයෙකුගේ වලලුකර බිඳී ගොස් තිබුණු අතර ඔහුව අද (07) දිනයේදී ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතයි.

මේ අතර මෙම ගින්නට හේතුවේ ගරාජයේ නවතා තිබූ විද්‍යුත් වාහනයක් බවටයි බලධාරීන් සැක පළ කරන්නේ.

පරීක්ෂණ කටයුතු සඳහා ගිනි නිවන භටයින් අද (07) උදෑසන නැවත එම ස්ථානයට පැමිණ තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »