
තේ වතු කම්කරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට ශ්‍රී ලංකාවේ දැවැන්තම තේ කර්මාන්තායතන කිහිපයක් අසමත් වී ඇතැයි විදෙස් විමර්ශනයකින් අනාවරණය වී තිබෙනවා.
Rainforest Alliance සහ Fairtrade International ආයතන මගින් වතු කම්කරුවන්ගේ මූලික අවශ්‍යතා සම්බන්ධ යෝජනා ක්‍රම මීට පෙර හඳුන්වාදුන්නා.
නමුත් තේ කම්කරුවන්ගේ අවම වැටුප, ආරක්ෂිත සේවා සහ ජීවන තත්වයන් මෙන්ම තේ වතුවල පිරිසිදු පානීය ජලය වැනි මූලික අවශ්‍යතා ලබාදීමට ශ්‍රී ලංකාවේ තේ වතු හිමියන් අපොහසත් වී ඇති බවයි විදේශීය විමර්ශකයින් පෙන්වාදෙන්නේ.

එම ප්‍රතිපත්ති කඩකිරීම් සිදුකළ කර්මාන්ත අතර ලොව විශාලතම තේ සන්නාම සැපයුම්කරුවන් ද සිටින බව ඔවුන් කියාසිටියා.
ශ්‍රී ලංකාවේ තේ කම්කරුවන්ගේ අබලන් වූ නිවාස, බාල වයස්කාර දරුවන් කම්කරු සේවයේ යෙදවීම් වැනි බරපතල උල්ලංඝනය කිරීම් දැකගත හැකිවූ බවයි විදේශීය විමර්ෂකයින් තහවුරු කරන්නේ.

ශ්‍රී ලංකාවේ තේ වගාව සිත් ඇදගන්නා සුළු මනස්කාන්ත දර්ශනයක් වුවත් එහි කම්කරුවන්ගේ ජන ජීවිතය එසේ නොවන බවයි මාධ්‍ය වාර්තා කියාසිටින්නේ.