Search

මෙල්බන් වෙළඳ සැලක $ දස දහස් ගණනක සොරකමක්

මෙල්බන් වෙළඳ සැලකින් ඩොලර් දස දහස් ගණනක් වටිනා සුඛෝපභෝගී භාණ්ඩ රැසක් සොරාගෙන ඇතැයි පොලීසිය පවසනවා.

මෙල්බන් හි David Jones සාප්පුවයි මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ.

පොලිසිය පවසන්නේ සොරුන් වෙළඳසැලේ පසුපස ගේට්ටුවට පහර දී සාප්පුවට ඇතුළු වී ඩොලර් දහස් ගණනක් වටිනා සුඛෝපභෝගී අත්බෑග් සොරකම් කර සුදු පැහැති රථයකින් පළාගොස් ඇති බවයි.

එය මෙල්බන් නගරයේ මාසයක් තුළ සිදුවූ 4 වන සුපිරි වෙළඳසැල් සොරකම බව පොලීසිය සඳහන් කළා.

මෙල්බන් සාප්පු සඳහා වැඩි ආරක්ෂාවක් සපයාදෙන ලෙසයි වෙළඳ සංගම් වික්ටෝරියා පොලීසියෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර වික්ටෝරියාවේ පසුගිය වසරේ වෙළඳසැල් සොරකම් සියයට 90 කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තාවල දැක්වෙනවා.

 

 

 

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »