
වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක තිබී මිනිස් අවශේෂ හමුවී තිබෙනවා.
එය පහරදීමකින් හෝ රිය ධාවනයේදී සිදුවී සිද්ධියක් ලෙසයි වික්ටෝරියා පොලිසිය සැකපළ කරන්නේ.
මියගිය පුද්ගලයා තවමත් නිළ වශයෙන් හඳුනාගෙන නැහැ.

මරණයට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
විමර්ශනය කාලයේදී මෙල්බන් හි Nhill-Jeparit සහ Dimboola-Rainbow මාර්ග ටික කාලයකට වසා තබන බව වික්ටෝරියා පොලීසිය කියාසිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් වික්ටෝරියා අපරාධ අංශයට දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.