Search

ඔස්ට්‍රේලියා මාර්ග සඳහා අලුත් ම තාක්ෂණයක්

ඔස්ට්‍රේලියාවේ මාර්ග සඳහා කෘතිම බුද්ධි කැමරා සවි කිරීමේ පළමු පියවර ආරම්භ කර තිබෙනවා.

එහි පළමු අත්දැකීම ලෙස ඇඩිලේඩ් හි කාර්ය බහුලම මාර්ග කිහිපයකට කෘතිම බුද්ධි කැමරා සවි කිරීමට ඔස්ට්‍රේලියා රජය පියවර ගත්තා.

නව තාක්ෂණය මගින් මාර්ගවල ආරක්ෂාව වැඩි දියුණු කිරීම පමණක් නොව මෝටර් රථ රියදුරන් සඳහා ගමන් වේලාවන් අඩු කිරීම ද මෙහි අරමුණ බවයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය ඇඩිලේඩ් නගරයේ කාර්ය බහුලම මාර්ග කිහිපයක ස්මාර්ට් කැමරා 4 ක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සඳහා ඔස්ට්‍රේලියා රජය යොදවා ඇති මුදල ඩොලර් 350,000 ක්.

AI කැමරා මගින් රථ වාහන කළමණාකරණ මධ්‍යස්ථානය හරහා මාර්ග තදබද අවස්ථාවල රථ වාහන සංඥා පාලනය කළ හැකි බවයි ප්‍රාන්ත අමාත්‍ය Tom Koutsantonis කියාසිටියේ.

මිනිත්තු 20 ක රථ වාහන තදබදයකදී මෝටර් රථ 5000කට ඩොලර් 33,000 ක් වැය වන බවයි වාර්තාවල දැක්වෙන්නේ.

ඒ හේතුවෙන් මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා ම කෘතිම බුද්ධි කැමරා සවිකරන බව ප්‍රවාහන අමාත්‍යවරයා අවධාරණය කළා.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »