Search

ඔස්ට්‍රේලියානු කාන්තාවක් සිරකරුවන්ට සිදුකළ අපූරු දේ

නිව්යෝර්ක් Rikers දූපතේ සිරමැදිරියක ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් අපූරු වැඩසටහනක් සිදුකරමින් පවතිනවා.

ඔස්ට්‍රේලියා හිටපු මාධ්‍යවේදිනියෙකු වන Joh Jarvis රැඳවියන්ට සහ ඔවුන් රැකබලා ගන්නා පුද්ගලයින්ට භාවනාව උගන්වන බවටයි වාර්තා වන්නේ.

Rikers සිරමැදිරිය රැඳවියන්ට ප්‍රචණ්ඩකාරී, කටුක මෙන්ම දුෂ්කර පරිසරයක් වන බවයි ඔස්ට්‍රේලියානු කාන්තාව මාධ්‍යයට පවසා ඇත්තේ.

පවතින පීඩාකාරී වාතාවරණය අවම කිරීම වෙනුවෙන් රැඳවියන්ට භාවනාව උගැන්වීමට පියවර ගත බව ඇය එහිදී කියාසිටියා.

ඇය පවසන්නේ සිරකරුවන් ඊට ඉතා උනන්දුවකින් සහභාගිවීම පුදුමයට කරුණක් බවයි.

2021 දී ජෝහ් විසින් රයිකර් දූපතේ ස්වෙච්ඡා වැඩකටයුතු ගොඩනැගීම සහ ව්‍යාපෘති පුළුල් කිරීම වෙනුවෙන් ලයිට් සයින්ඩ් නම් පදනමක් ද නිර්මාණය කර තිබෙනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »