Search

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන, සේවක නීති උල්ලංඝනය කීරීමේදී මොකද කරන්නේ?

ඔස්ට්‍රේලියාවේ සේවකයින් සිය සේවා ස්ථානයට එරෙහිව නොමිලේ නීතිමය උපදෙස් ලබාගත හැකිවනවා.

ඒ The Fair Work Ombudsman මගිනුයි.

සේවා ස්ථානයේ සේවායෝජකයින්ගෙන් එල්ලවන පීඩාවන්, වැටුප් ගැටළු වැනි අවස්ථාවල දී ද The Fair Work Ombudsman හරහා නීතිමය ආධාර ඉල්ලා සිටිය හැකියි.

එමෙන්ම ආයතනය සේවක නීති උල්ලංඝනය කරන අවස්ථාවේදී එම ආයතනය මගින් උපදෙස් ලබාගත හැකි බවයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

එමෙන්ම ඒ සම්බන්ධ තොරතුරු, උපදෙස් හෝ උපකාර සඳහා 13 13 94 දුරකථන අංකය හරහා FWO ඇමතීමට ද සේවකයින්ට හැකියාව පවතිනවා.

නීති ආධාර FWO ට සම්බන්ධ වෙනත් ප්‍රජා නීතිමය මධ්‍යස්ථාන හෝ වෘත්තීය සංගම්වලින් ද ලබාගත හැකි බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය කියාසිටියේ.