Search

Torch එළියක් නිසා ගුවන් යානයකට වූ අකරතැබ්බ

ගුවන් යානයක් වෙත අධි බලැති විදුලි පන්දමක් යොමුකළ පුද්ගලයෙකු ෆෙඩරල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඩිලේඩ් ප්‍රදේශවාසියෙකු වන 58 හැවිරිදි මෙම පුද්ගලයා සිය නිවසේ සිට ගුවන් යානයට විදුලි පන්දම එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් නියමුවා විසින් ඔහුගේ ලිපිනය පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැණුනා.

ගුවන් නියමුවා පවසා ඇත්තේ කවුරුන් හෝ හිතාමතා ගුවන් යානය දෙසට දීප්තිමත් ආලෝකයක් එල්ලකරන බවත් ඉන් ගුවන් යානය පියාසර කිරීමට තමන්ට අපහසුබවයි.

මෙවැනි වරදකට වසර 15 කට වැඩි කාලයක් සිර දඩුවම් විදීමට සිදුවන අතර ඔහු මැයි මස 16 වනදා එළිසබෙත් අධිකරණයේ පෙනීසිටින තෙක් ඇප ලබාදී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ
ලේසර් හෝ අධි තීව්රතාවකින් යුත් විදුලි ආලෝක ගුවන් නියමුවෙකුට එල්ල කිරීම බරපතල අවදානමක් බවයි.

එමගින් තත්පර ගණනක අක්ෂි අවදානමකින් වුවද බරපතල අනතුරක් සිදුවීමේ අවදානමක් පවතින බවද ඔස්ට්‍රේලියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය කියාසිටියා.