Search

Student Visa කප්පාදුවකට විපක්ෂයෙන් යෝජනා

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස අඩු කිරීමට විපක්ෂ ලිබරල් සන්ධානය සූදානම් වනවා.

ලබන 03 වනදාට යෙදී ඇති ෆෙඩරල් මැතිවරණය ජයගතහොත් වසරකට නිකුත් කරන ශිෂ්‍ය වීසා සංඛ්‍යාව 80,000 කින් පමණ කපාහරින බවයි විපක්ෂ නායක පීටර් ඩට්න් පවසන්නේ.

එමගින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගර දෙක වන සිඩ්නි සහ මෙල්බන්වල දැනට පවතින නිවාස අර්බුදය විසඳීමට හැකිවනු ඇතැයිද ඔහු අනාවැකි පළ කරනවා.

පසුගිය මාස 12 ක කාලය තුළදී වත්මන් ලේබර් පක්ෂ රජය යටතේ ශිෂ්‍ය වීසා නිකුත් කිරීම සියයට 65 කින් ඉහළ ගොස් ඇති බවටද විපක්ෂ නායකවරයා චෝදනා කරනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා බඳවාගන්නා විදෙස් සිසුන්ගේ ප්‍රතිශතය සියයට 25 ක උපරිමයකට යටත් කිරීමටද ලිබරල් සන්ධානය සැලසුම් කර තිබෙනවා.

ඒ හරහා දේශීය සිසුන්ට වැඩි අවස්ථාවක් ලබාදීම අපේක්ෂාව බවයි පීටර් ඩට්න් අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »