
සිඩ්නි වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානයක හදිසි පිටවීමේ (Emergency Exit) දොරටුව විවෘත කිරීමට තැත්කළ පුද්ගලයෙකුට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.
අදාළ ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට ඔස්ට්‍රේලියා සිඩ්නි වෙත ඊයේ (05) දිනයේදී පැමිණ තිබුණා.
46 හැවිරිදි මෙම සැකකරු ජෝර්දාන ජාතිකයෙකු බවටයි හදුනාගෙන ඇත්තේ.

ඔහු ගුවන් ගමන අතරතුරදී යානයේ හදිසි පිටවීමේ දොරටුව විවෘත කිරීමට උත්සහ කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
වහා ක්‍රියාත්මක වූ ගුවන් යානා කාර්ය මණ්ඩලය එය වැළැක්වීමට කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් එහිදී සැකකරු විසින් ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහර දී ඇති බවටයි වාර්තා වන්නේ.
සැකකාර ජෝර්දාන ජාතිකයා අද (06) Parramatta අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙවැනි ආකරයේ වරදක් සඳහා අවුරුදු 10 ක උපරිම සිරදඬුවමක් නියම කළ හැකි බවද වැඩිදුරටත් සඳහන්.