Search

ජනපති ට්‍රම්ප්ට සහ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ලොව ධනවත්ම මිනිසා ලෙස සැළකෙන ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත්තේ අමෙරිකාවේ ප්‍රාන්ත 50 ම ඇතුළත් වන පරිදි ස්ථාන 1,200 ක ඊයේ (05) දිනයේදී අමෙරිකානු ජනාධිපතිවරයාට සහ ඊලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පවත්වා ඇති බවයි.

ජනපති ට්‍රම්ප් ගේ තීරු බදු පැනවීම් ඇතුළු ක්‍රියාකලාපය හේතුවෙන් අමෙරිකාවට සාමාජිය සහ ආර්ථික ගැටළු ඇතිවිය හැකි බවටයි එම විරෝධතාකරුවන්ගේ අදහස වී ඇත්තේ.

විරෝධතාකරුවන් පවසා ඇත්තේ අමෙරිකානු ආර්ථිකය කඩා වැටීමත්, ඩොලර් ට්‍රිලියන 06 කට ආසන්න ධනයක් විනාශ කිරීමට අමෙරිකානු ජනපතිවරයා කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම අමෙරිකානු රජය බිලියනපතියෙකු විසින් අත්පත් කරගනිමින් සිටින බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »