
අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් අද (06) ලාභදායි මිළට සූර්ය බැටරි ලබාදීමේ වැඩසටහනක් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙනවා.
මැයි 03 වනදා පැවැත්වෙන ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් කම්කරු පක්ෂය බලයට පත්වුවහොත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.
ඒ සඳහා ඩොලර් බිලියන 2.3 ක මුදල් ප්‍රමාණයක් වෙන්කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම වැඩසටහන ඔස්සේ සූර්ය බැටරි (Solar Batteries) සවි කිරීම සඳහා වැය වන සාමාන්‍ය පිරිවැය සියයට 30 කින් පමණ අඩු කෙරෙනු ඇති.
ඒ හරහා ඔස්ට්‍රේලියානු නිවසකට ඩොලර් 4,000 ක මුදලක් ඉතිරි කරගත හැකියි.

2030 වර්ෂය වනවිට රට තුළ නව සූර්ය බැටරි මිලියනයක් ස්ථාපිත කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.
මෙම වැඩසටහන මත පදනම්ව ඉදිරියේදී ඔස්ට්‍රේලියානුවන්ට සහන රැසක් හිමි වනු ඇති බවද වැඩිදුරටත් සඳහන්.