
අභිරහස් පසුබිමක් සහිත සිඩ්නි නගරයේ සුවිසල් මන්දිරයක් වාර්තාගත මිළකට අලෙවි වී තිබෙනවා.
සිඩ්නි හි Hunters Hill ප්‍රදේශයේ පිහිටි එය වෙන්දේසි වී ඇත්තේ ඩොලර් මිලියන 26.1 ක මුදලකටයි.
නිදන කාමර 05 කින් සමන්විත මෙම නිවස තුර්කි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද්දක් වනවා.

මෙම නිවස පළමුවරට අලෙවි කර තිබුණේ 2012 වර්ෂයේදීයි.
ඒ ඩොලර් මිලියන 9 ක මුදලකටයි.

එම වසරේදී Hunters Hill ප්‍රදේශයේ නිවසක් අලෙවි වූ වැඩිම මුදල ද එය වනවා.
මෙම නිවස ඉදිකර ඇති භූමිය කිසියම් අභිරහස් පසුබිමක පවතින බවටයි ප්‍රදේශවාසීන් විශ්වාසය පළ කරන්නේ.