Search

ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාස සිහිනය සැබෑ කරනවා – පීටර් ඩට්න් කියයි

තමන් බලයට පත්වුවහොත් රට තුළ උද්ගත වී ඇති නිවාස අර්බුදය විසඳීමට කටයුතු කරන බවට විපක්ෂ ලිබරල් සන්ධානයේ නායක පීටර් ඩට්න් ප්‍රකාශ කර තිබෙනවා.

අද (06) උදෑසන මෙල්බන් හි McEwen මැතිවරණ බල ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ වැඩසටහනක් අතරතුරදීයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නිවාස ගැටලුව විසඳීම සඳහා නව නිවාස 500,000 ක් ඉදිකරන බව විපක්ෂ නායකයා මෙහිදී අවධාරණය කළා.

තම රජයක් යටතේ ඩොලර් බිලියන 05 ක මුදලක් ඒ සඳහා වෙන්කරන බවයි පීටර් ඩට්න් පොරොන්දු වී ඇත්තේ.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ තරුණ ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාස හිමිකම පිළිබඳ සිහිනය බොඳ වෙමින් පවතින බවයි.

විපක්ෂ ලිබරල් සන්ධානය විසින් යෝජනා කර තිබෙන නව නිවාස ප්‍රතිපත්තියට අනුව ඉදිරියේදී ජාත්‍යන්තර ශිෂ්‍ය කප්පාදුවක්ද සිදුවනු ඇති.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »